අන්තර්ජාල වංචාව : අත්අඩංගුවට ගත් 58න් දෙදෙනෙක් රිමාන්ඩ්. සෙසු පිරිසට ඇප !

Date:

අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (නොවැම්බර් 08) පස්වරුවේ හැව්ලොක් සිටි සංකීර්ණයේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 58 දෙනා අතරින් ඔවුන්ගේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබේ.

සෙසු 56 දෙනා ඇප මත මුදා හැරීමටයි හර්ෂණ කැකුලාවල මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයකින් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකළ බව ය. කොරියාවේ සිටින කොරියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පැවසූ ඒ මහතා මෙම ස්ථානය අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වූ බවත් මාසිකව රුපියල් ලක්ෂ 90 කට වැඩි මුදලක් කුලිය වශයෙන් ගෙවමින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...