සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කාන්තාරය හිමෙන් වැසී යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉතිහාසයේ මුල්වරට සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කාන්තාරයට හිම පතිත වී ඇති බව වාර්තා වේ.

මෙම අසාමාන්‍ය තත්වය සම්බන්ධයෙන් කාලගුණ විශේෂඥයින් සඳහන් කර තිබුණේ, අරාබි මුහුදට ඉහළින් ඇති වූ අඩු පීඩන තත්වයක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවයි. ඒ අනුව, මෙම උෂ්ණත්වයේ ගැටුම කලාපය පුරා කුණාටු ඇති කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුදුම සහගත ලෙස වියලි කාන්තාරයන් පුරා හිම පතනයක් ඇති කර ඇත.

සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ හිම පතනය දේශගුණික විපර්යාස ලොව පුරා කාලගුණ රටාවන්ට බාධා කරන ආකාරය පිළිබඳ තවත් මතක් කිරීමක් වන අතර, සෞදි පුවත්පත් ඒජන්සිය මෙම තත්වය වාර්තා කර තිබුණේ, හිම පතනය, සාමාන්‍යයෙන් වියලි නිම්න නැවත පණ ගැන්වූ අධික වර්ෂාව, හිම කැට සහ දිය ඇලි නිර්මාණය කිරීම ඇතුළත් විශාල කාලගුණ රටාවක කොටසක් බවයි.

කෙසේ නමුත් අල්-ජාව්ෆ්හි වෙනස්වන තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් සෞදි කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී තවදුරටත් අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර ගිගුරුම් සහිත වැසි, හිම කැට සහ තද සුළං කලාපය පුරා පවතිනු ඇති හෙයින් ගමනාගමනයට බාධා සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...