හෙට(11) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

හෙට(11) මධ්‍යම රාත්‍රියෙන් පසු, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු‍ම ප්‍රචාරණ කටයුතු අවසන් වන අතර, එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 2,348 ක් එම කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත වන අතර, යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා තම සංවිධානයේ නියෝජිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද  කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...