මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. පෙත්සම විභාගයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා W. M. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

කෙසේවෙතත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 29 වනදා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය.

රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති රීට් පෙත්සමක් සලකා බලා ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද (නොවැම්බර් 12) මෙම නියෝග නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...