රිය අනතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

අද (12) දින පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්තැඩන් වත්ත ප්‍රදේශයේදී , ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන බව හැටන් පොලිසිය පවසයි.

වෑන් රථයේ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ , හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයට ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරිමේදී වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනයවූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි .

මෙම අනතුරෙන් ලංගම බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබන බව වැඩිදුරටත් පොලිසිය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...