වංචනික ක්‍රියා රැසක් ලඟදීම එළියට එන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

එවකට සිටි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15ට අදාළව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

පසුගිය සමයේ සිටි දේශපාලඥයින් සිය ඥාතින් කාර්යාංශයේ රඳවා තබමින් මුදල් වංචා කල ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද , ඒ මහතා පැවසීය.

අද දින (12) ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

පසුගිය රජය සමයේ අනීතික අයුරින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළද, දකුණු කොරියානු තානාපති කාර්යාලයේ දැනුම්දීම පරිදි එම රැකියා ලබාදීම නතර කරමින් ඒ අනුව නිකුත් කරන ලද වීසා අවලංගු වන බවත්, වංචනිකයින් බොහෝ පිරිසක් දකුණු කොරියාවේ රැකියා ලබාදන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇති අතර ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ , නිසි ක්‍රමවේදයකින් තොරව ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීම සඳහා දේශපාලන මැදිහත්වීම සිදුකිරීම හේතුවෙන් මේ වන විටත් ගැටළු රැසක් පැනනැගී ඇති අතර මේ වන විට අදාළ ගැටළු නිරාකරණය කිරීම සඳහා පියවර ගන්නා බවයි.

සභාපතිවරයා පැවසුවේ , විවිධ දේශපාලන අතපෙවීම් හේතුවෙන් පසුගිය සමයේ කාර්යාංශය අපකීර්තියට පත්වී තිබෙන අතර, එම තත්ත්වයෙන් කාර්යාංශය මුදාගැනීම සඳහා තමන් කැපවීමෙන් කටයුතු කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...