2024 මහ මැතිවරණයට සූදානම් කිරීම් ඇරඹෙයි!

Date:

කොළඹ LNW: හෙට (14) දින පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව පූර්ව කටයුතු සිදුකිරීම මේ ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම පවසයි.

ජන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය ජන්ද පෙට්ටි ඇතුළු ලිපි ලේඛන මෙන ඊට අවශ්‍ය දේවල නිකුත් කිරීම මෙන්ම රාජකාරී සඳහා පිරිස් යෙදවීමද ආරම්භ කර තිබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද දිනයේ දී දිවයිනේ පිහිටි පරිශ්‍ර 49ක දී සිදුකෙරෙන බවයි.

මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී මෙම නිකුත් කිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර අද උදේ 07.00 සිට එම කටයුතු ආරම්භ කර තිබෙන බවත් සියලුම ඡන්ද මධ්‍යස්ථානවල වැඩකරන කාර්ය මණ්ඩල සඳහා පෙරහුරුවක් සිදුකරන බවත් රත්නායක මහතා කියාසිටියි.

මේ අතර ආරක්ෂක කටයුතු සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...