චැනල් ෆෝ වැඩසටහන ගැන අරඹා ඇති CID විමර්ශනයට කතෝලික සභාවේ ප්‍රසාදය!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩ සටහනෙන් එල්ල කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම පිළිබඳව කතෝලික සභාව සිය ප්‍රසාදය පළකර තිබේ.

එම විමර්ශනය කඩිනමින් අවසන් කරනු දැකීම සිය අපේක්ෂාව බවයි කතෝලික සභාව සඳහන් කරන්නේ.

චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු නොවුණු බවයි කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ.

නිසි විමර්ශනයක් නොකර චැනල් ෆෝ චෝදනා පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කළ නමුත් එම කමිටුව පිළිබදව කිසිදු විශ්වාසයක් නැති බව ඒ මොහොතේම ප්‍රකාශ කළ බවද සිරිල් ගාමිණී පියතුමා කියාසිටිති.

කෙසේවෙතත් නව රජය පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරය පිළිබදව චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහනෙන් ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙන විමර්ශන වලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. එහෙත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මග හැර ඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මව්ලානා නැමැත්තා කළ කරුණු දැක්විමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිම සඳහායි ඔහුව කැඳවා ඇත්තේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 6 වනදා විකාශය වු එම විඩියෝවේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති බව කියන හමුවක් පිළිබඳව හා ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවක් පිළිබඳව ද තොරතුරු ඉදිරිපත් කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...