සුඩාන ගැටුම් වල නිරත කණ්ඩායම් වෙත අවි ආයුධ සැපයීම නවත්වන්න – ජගත් සංවිධානය

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජගත් සංවිධානය, සුඩාන ගැටුම් වල නිරත කණ්ඩායම් වෙත අවි ආයුධ සැපයීම නවත්වන්නැයි ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ උප ලේකම් රෝස්මරී ඩිකාලෝ මේ බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.ඇය එම ඉල්ලීම කළ ද එලෙස ආයුධ සපයන රටවල් නම් කර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ සුඩානයේ ගැටුම් වල නිරත මිලිටරි හා පැරාමිලිටරි හමුදාවන්ට අඛණ්ඩව ආයුධ සැපයීම තුලින් බොහෝ පිරිසක් මිය යාමට එය හේතුවක් වන බවයි. 2023 අප්‍රේල් 15 වන දා සිට සුඩානයේ සිවිල් යුද්ධය ආරම්භ වුණේ මොහොමඩ් හම්දාන් හා අබ්දෙල් ෆටා අල්-බුර්හාන් යන නායකයන්ගේ බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි.

එම ගැටුම් වලින් මේ වන විට 24,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන 11 ක ජනතාවක් අවතැන් ව සිටින බව වඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...