කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට උත්තරීතර මණ්ඩලයක් ?

Date:

කැබිනට් මණ්ඩලයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදී සියල්ල මෙම විශේෂ කමිටුවේ අධීක්ෂණයට ලක්කෙරෙනු ඇති බව සඳහන්.

දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අමාත්‍යවරුන්ගේ අභිමතය පරිදි හෝ ඉහළ නිලධාරීන්ගේ මෙහෙයවීම පරිදි කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ පිළිබඳව පසුගිය කාලයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබුණු අතර මෙවන් විශේෂ කමිටුවක් හරහා එවන් සිදුවීම් සහමුලින්ම ඇහිරීමට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...