අලුත් කැබිනට්ටුවට එරෙහිව පරණ කැබිනට්ටුවෙන් කැරැල්ලක් !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී පත්කළ නව කැබිනට් මණ්ඩලය සහ එය පත්කළ ආකාරය පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ ඉතාම දැඩි විවේචනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම පැරණි කැබිනට් මණ්ඩලයේ අය වෙනුවට අලුත්ම සාමාජිකයින්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කෙරෙන බවට වූ එකඟතාව අනුව සියල්ලන්ම ඉල්ලා අස්වුණත් පසුව ජනාධිපතිවරයා විසින් මොහොමඩ් අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග වැනි තෝරාගත් හිටපු ඇමතිවරුන් කිහිපදෙනෙකුත් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීම තුළ සෙසු හිටපු ඇමතිවරුන් දැඩි ලෙස අමනාප වී ඇති බව සඳහන්. මෙය එස්. එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රසිද්ධියේමත් ප්‍රකාශ කර තිබිණි.

මීට අමතරව ඒ ඒ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් වශයෙන් ඒවායේ ඡන්ද පදනම ස්ථාවර කරගෙන සිටි තමන්ව පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්කර ඒ ඒ දිස්ත්‍රික්කවල නවකයින් කැබිනට් තනතුරුවලට පත්වීම තුළ තමන්ගේ ඡන්ද පදනමට වන හානිය ඔවුන්ගේ දැඩි විරෝධයට මුල වී ඇති බවත් වාර්තා විය.

එමෙන්ම මුලදී ඉල්ලා අස්වීමට එකඟ වුවත් නවකයින්ට කැබිනට් තනතුරු ලැබීමත් සමඟ තමන් පසෙකට වීසි වීම මෙම හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ අභිමානයට ද දරුණු ලෙස බලපෑම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් දැනටමත් කිහිපදෙනා වශයෙන් එක්වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරමින් සිටින අතර මෙය ආණ්ඩුවට එරෙහි දේශපාලන කැරැල්ලක මුල විය හැකි බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...