හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (නොවැම්බර් 21) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා විසින් 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණු අතර ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඩග්ලස් දේවානන්දා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඔහු අසනීප තත්වයකින් පසුවන බව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී තිබුණත් එය තහවුරු කිරීම සඳහා වෛද්‍ය සහතික ද ඉදිරිපත් කර නොතිබුණු පසුබිමක මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දේශගුණික අර්බුදය හරිත වංචාවක් බව කියයි; මෙවර COP30 සමුළුව මඟහරියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන නොවැම්බර්...

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...