සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ 0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා සෘණ 0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී සැප්තැම්බර් මාසයේ 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත.
එහෙත් සැප්තැම්බර් මාසයේ දී සෘණ 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී සෘණ 2.3% ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.