*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ලෝක මානව දේශපාලන ඉතිහාසයට එක් කළ හැකි නව අප්‍රියෙල් අරගලය

ජනතා ක්‍රියාකාරකම් රාජ්‍ය බලය යොදා අයුතු ලෙස මර්දනය කිරීමේ ශ්‍රී ලංකාවට අතිශය සුපුරුදු ක්‍රමවේදය මේ වන විට වේගවත් පසුබෑමකට ලක් ව තිබේ. ඒ අප රටේ තරුණ ප්‍රජාව දියත් කළ “2022 නව අප්‍රියෙල් අරගලය” මුල් කර ගනිමිනි. ඒ අරගලය සඳහා උතුරෙත්, දකුණෙත්, නැගෙනහිරත්, බටහිරත් තරුණ කොටස් එක අරමුණක් වෙනුවෙන් එක තැනකට රැස්ව සිටිති. “ගෝඨා ගෝ හෝම්’ ලෙස ඉල්ලමින් මෙම අති විශාල තරුණ පිරිසක් දින ගණනාවක් තිස්සේ ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට පැමිණ විරෝධයේ නිතරව සිටිති.

පොදු අරමුණක් වෙනුවෙන් වැඩිම දින ගණනක් රැඳී සිටිමින් අඛණ්ඩ අරගලයක යෙදෙන මෙම පිරිසේ පරාසය දිනෙන් දින ප්‍රවර්ධනය වනු දක්නා ලැබේ.සයිබර් අවකාශය පදනම් කරගත් තොරතුරු තාක්ෂණය,නවීන විද්‍යා ආභාෂය,නවීන පරිකල්පන,නිර්මාණශීලිත්වය පදනම් වූ මෙම තරුණ අරගලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ගූගල් සිතියම් වල පවා “ගෝඨාගෝගම” ලෙස දක්වා තිබේ.ජනපති වරකුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් ලොව නිර්මාණය වූ ලොව මුල්ම ගම්මානය වන මෙම ගෝඨාගෝගම තුළ නැති දෙයක් නොමැති තරම් ය. මේ නිසා රාජපක්ෂවාදීන්ගේ නිති දෝෂ දර්ශනයට මෙය ලක්ව තිබේ.තමන් නිතර නියෝජනය කරන වැඩවසම්වාදී පැරණි ගති ඉස්මතු කරමින් ඔවුන් කියා සිටිනුයේ මෙය “කුමක් හෝ” විජාතික බලවේගයක ක්‍රියාත්මක වීමක් ලෙස ය.

එහෙත්, මෙම ස්ථානයේ සිටින නිරායුද විරෝධතාකරුවන් නියෝජනය කරන සමාජ බලවේගය දිනෙන් දින බලවත්වීම මත ඔවුනට කරබා ගෙන සිටීමට සිදු වී වී තිබේ. මෙම අඛණ්ඩ උද්ඝෝෂණයට දින දහයක් සම්පූර්ණ වී ඇති මොහොතේ ගෝඨාගෝගමේ ශාඛා රටේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටිති. ගාල්ල, මාතර, මහනුවර, කෑගල්ල හා අනුරාධපුර යන නගරයන්හි ගෝඨාගෝගම ශාඛා ස්ථාපිත කර තිබේ.

මෙමඟින් ස්ථාපිත කල ගාල්ල ගෝඨාගෝගමේ ශාඛාවේ තිබූ ටෙන්ට් ගලවා ගෙන යාමට ගාල්ල පොලිසියේ කණ්ඩායමක් පසුගිය 17 වනදා කටයුතු කර තිබුණි. නමුත් වහාම මැදිහත්වූ ගාල්ල නීතීඥ සංගමයේ කණ්ඩායමක් ඉහළ පොලිස් නිලධාරීන් හමුවී මීට විරෝධය පළ කළහ. පැමිණිල්ලක් පවා නොමැතිව එම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් ගාල්ල ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරීන් ගෙන් විමසා තිබේ.එසේ නොමැති අවස්ථාවක බලහත්කාරය හෙවත් “පොලිස් චණ්ඩි පාට්” යොදා මෙලෙස සාමකාමි විරෝධතාකරුවන් ඉවත් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් බැවින් ඒ ගැන මෙරටත් ජාත්‍යන්තරයේත් මානව හිමිකම් කොමිසම් වෙත පැමිණිලි කරන බවට ද නීතිඥ වරුන් ඉහළ පොලිස් නිලධාරින් දැනුවත් කර තිබේ.

ඒ අනුව පොලිසිය නැවත එම ස්ථානයේ ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව පවත්වාගෙන යාමට ඉඩ දී ඇත. රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නීතිඥ සංගමය ඉදිරියට පැමිණිම අගය කළ යුතු ය. ජනතා අරගලයේදි ඔවුන් නොමිලේම සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇත.පළමුව ඔවුන් මිරිහාන පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඇතිවූ සිද්ධියත් සමඟ අත්අඩංගුවට ගත් පිරිස් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිඥවරුන් 400 ක පමණ පිරිසක් එදා අධිකරණයට පැමිණ සිටීම සුවිශේෂි සිද්ධියක් විය.එමෙන්ම මෙම අරගලය මුල් කොට මෝදර පොලීසිය මඟින් අත් අඩංගුවට පත් සමාජ ජාල ක්‍රියා කරුවකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර වෙනුවෙන් නීතිඥ වරු රැසක් පෙරට ආහ.එමෙන්ම ඔවුන් නිල ඇදුමෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට පැමිණ අරගලයට සහාය දෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගත් පසු ඔහු වෙනුවෙන් ද පෙනී සිටියහ. තුන් වෙනුව ගාල්ල සිද්ධිය හමුවේ ද නීතිඥවරුන් නොමිලේ පෙනී සිටීම අරගලය ලැබු තවත් ජයග්‍රහණයකි.

කලාකරුවන්, ක්‍රීඩකයින්, වෛද්‍යවරුන් ඇතුළු රටේ මුල් පෙළේ රැසක් මෙම ස්ථානයට පැමිණ අරගලකරුවන්ට සහාය දැක්වූහ. අරගලයට ධෛර්ය සැපයූහ. මෙය නිර්පාක්ෂික අරගලයක් බව පෙන්නුම් කරමින් දේශපාලන පක්ෂ පවා පිටත සිට ඔවුනට සහාය දීමට තීරණය කර ඇත.පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි ප්‍රසිද්ධ පුද්ගලයෝ ගාලු මුවදොරට පැමිණ තම පරණ පව් සමා කර ගනිමින් සිටිති.

මේ අතර සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස යාපනයේ තිරුක්කෝවිල් ජන හමුවක් අමතමින් කියා සිටියේ ගාලු මුවදොර ජන අරගලය නිර්පාක්ෂික ජනතා ක්‍රියාකාරිත්වයක් බැවින් සමගි ජනබලවේගය පක්ෂයක් වශයෙන් ඊට සම්බන්ධ නොවන බව ය.සමගි ජන බලවේගය මහනුවර සිට දින හතරක පාගමනක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර එය ද ගාලුමුවදොර සටනට ශක්තියක් වීමට ආරම්භ කළ ද ඔවුන් ගාලුමුවදොරට නොයනු ඇත.මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ජන අරගලයට සහාය දක්වමින් විශාල ජනතා සහභාගීත්වයෙන් යුතු පාගමනක් බේරුවල සිට ආරම්භ කොට ඇති අතර එය අද(19) කොළම නගර සභා පිටිය දක්වා පැමිණිමට නියමිතය.

මේ අතර රට පුරා ශාඛා ආරම්භ කරමින් ව්‍යාප්ත වන මේ රැල්ල ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්ව ඇත්තේ අරගලයෙන් තොර සාමකාමී උද්ඝෝෂණයක් බව පෙන්වා දෙමිනි. එය ලෝකයට ආදර්ශයක් බව විදෙස් මාධ්‍ය පවා වාර්තා කර තිබුණි. නමුත් රාජපක්ෂවරු සුපුරුදු පරිදි යල් පැන ගිය මතවාද මත පදනම් වූ ඔවුන්ගේ උද්ධච්චකම පෙන්වමින් ජනාධිපති හෝ අගමැතිධූර වලින් ඉවත් නොවන බවට ප්‍රකාශ කර සිටිති.

ඒ අනුව ඔවුහු මේ වන විට පවුල් වාදය මුල් කොට ගත් තම සැබෑ පරාජයේ දොරකඩට පැමිණ සිටිති.හුදෙක් සාම්ප්‍රදායික මති මතාන්දර වලින් මනැස් පුරවාගෙන හිඳින රාජපක්ෂ අනුගාමිකයන් මෙම ජන අරගලයේ ඇති බහුවිධ හා විචිත්‍රවත් බව මුල් කොට මෙය හඳන්වන්නේ “කානිවල්” එකක් ලෙස ය. සැබැවින්ම අරගලය කානිවල් එකක් ස්වරූපයෙන් ඉදිරියට යෑමත් අලුත් දෙයකි. අලුත් දෙයක් කරන විට එය සැමටම විවේචනයට ලක්වීම ස්වභාවික දෙයකි. දැන් සිදුවන්නේ ද එයම ය.

නමුදු ශ්‍රී ලාංකේය තරුණ කොටස් නව නිර්මාණශීලි අරගලයක් ආරම්භ කර එය ජයග්‍රහණය කරා ගෙන ගිය හොත් එය දේශපාලන සේම මානව ඉතිහාසයේ පූර්වාදර්ශී අරගලයක් ලෙස සනිටුහන් වනු ඇත.අපේ “කොල්ලන් කෙල්ලන්” හට ඒ සඳහා ධෛර්යය ශක්තිය ලබා දීම දැනට බිඳ වැටී ඇති ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩ නැඟීම සඳහා අපට කළ හැකි විශිෂ්ඨතම බුද්ධිමය ආයෝජනයකි.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan