රඹුක්කනදී අවම බලය පාවිච්චි කරන්න වුණා – පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Date:

රඹුක්කන ප්‍රදේශයේ ජනතාව ඊයේ දිනයේ සිදුකළ විරෝධතාව අතරතුර පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනිතැබීමට උත්සාහ කළ බවත් එය වැළැක්වීම සඳහා බැටන් ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් ඒ අවස්ථාවේදී පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීම නිසා අවම බලය පාවිච්චි කරමින් වෙඩි තැබීමට සිදුවුණු බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

“පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයකට ගිනිතැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයකට ද ගිනිතැබීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් විසුරුවාහැරීම සඳහා පොලිසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් මගින් විසුරුවාහැරීමට උත්සාහ කළා. තවදුරටත් ඔවුන් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් මැඬපැවැත්වීම සඳහා පියවර ගනු ලැබුවා.

මෙම අවස්ථාවේදී පිරිසක් විසිර ගිය ද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල් භාවිතා කරමින් පොලිස් නිලධාරීන් දෙසට ඉතා බරපතළ ගල් ප්‍රහාර එල්ල කරමින් බවුසරය ගිනිගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් වටකර පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නිලධාරීන්ගේ ජීවිත සහ බවුසර් රථය ගිනිගැනීමෙන් සිදුවන විශාල හානිය වළක්වාගැනීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදුවූවා.

ඒ අනුව මුල් අවස්ථාවේදී අහසට වෙඩිතැබීම මගින් කළහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ කළ ද ඔවුන් පාලනය නොවූ බැවින් දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීම සඳහා ඔවුන් කටයුතු කර තිබෙනවා. තවදුරටත් කළහකාරී ලෙස හැසිරීම වැළැක්වීම සඳහා සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් පොලිස් ඇඳිරිනීතිය පැනවීම සඳහා කටයුතු කර තිබෙනවා. එසේම මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ද දන්වා සිටිනවා”

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

RN

http://139.59.240.222/04/19/14188/
http://139.59.240.222/04/19/14183/
http://139.59.240.222/04/19/14180/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...