වැඩක් කරන දක්ෂයට තමයි හැමදාම ගැහුවේ – සිලින්ඩර වලිය ගැන රවී අදත් කතා කරයි!

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහට පසු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමන් වන අතර පක්ෂය ආරක්ෂා කරගැනීමට කොතරම් ලැදිව කටයුතු කළේද යන්න පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් විමසා සිටිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

රවී කරුණානායක මහතා විමසා සිටින්නේ තමන් එජාපයේ කෙනෙක් නොවේද යන්නයි.

ගුටි බැට කකා වෙනත් පක්ෂයක් ගැන නොහිතා එජාපය තුළම සිටිමින් පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.

තමන් පාර්ලිමේන්තුවට යාම සම්බන්ධයෙන් යූඑන්පි 99.99%ක්ම කැමති බවද රවී කරුණානායක මහතා කියාසිටියේය.

එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වුවමනාවට පක්ෂය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

”රනිල් ට පස්සේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා මම ඒ නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. ජෝන් අමරතුංග, නවින්,රුවන් විජේවර්ධන මේ අයගෙන් අහන්න අපි කොච්චර විඳ දරාගෙන පක්ෂයක් විදිහට ඉඳල තියෙන කට්ටියක්ද කියල. හරීන්, මනුෂලාගෙන් මේ ඔක්කොමගෙන් අහන්න. මේක විවෘත කරන්න.. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඩීල් එකක් නෙවෙයිනේ. අපි කොච්චර ලැදිව එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළාද? සමහර වෙලාවට මම හිතනවා ඇයි අපට මේ උඩ පැන පැන ගහන්නේ. එකම දේ වැඩකරන දක්ෂයෙක්ට ගහන එක තමයි අපේ ලංකාවේ සිරිත. ඕක වුණා ජේ.ආර්. ජයවර්ධනට. ඕක වුණා ලලිත්ට,ඕක වුණා ගාමිණීට වැඩක් කළා නම් ඔන්න ගහල ඉවරයි.” යනුවෙන් රවී කරුණානායක මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

José Antonio චිලී ජනාධිපති ධුරයට!

José Antonio Kast චිලී ජනාධිපති ධුරයට  තේරී...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...