USAID, SCORE ව්‍යාපෘතියේ තවත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

අද ( 22) දින ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ බෙදාදීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී Julie .J. Chung මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, පිහිටි ජාතික ඒකාබද්ධතා අංශ කාර්යාලයේදී සිදු වී තිබෙන බව සඳහන් වේ.

එහි මූලික අරමුණ වී ඇත්තේ, ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ ( USAID) SCORE ව්‍යාපෘතිය මේ සදහා අනුග්‍රහය ලබා දී තිබෙන බව සඳහන් වේ.

ලැප්ටොප් පරිගණක 61 ක් ඇතුළු සන්නිවේදන හා තාක්ෂණික උපකරණ බෙදාදීම මෙහිදී සිදු වු අතර, පරිගණක උපකරණ බෙදාදීමට අදාළව ලිපි ලේඛණ හුවමාරු කිරීම ද මෙහිදී සිදු වී ඇත'

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංශයේ ප්‍රධානී J.Kaartthigeyan සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් පී.කුගනාදන් යන මහත්වරුන් උපකරණ ලබාදීමට අදාළ ලිපි ලේඛණ සඳහා අත්සන් කර තිබෙන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් SCORE ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණ වන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා පුහුණු වැඩ සටහන් 368 ක්ද ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා අපේ අභ්‍යවකාශ අයිතිය ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා. රොකට් එකේ දාලා සල්ලි යැව්වාද දන්නෙත් නෑ – ඇමති වසන්ත

ශ්‍රී ලංකාවට රොකට්ටුවක් යැවීම සඳහා අයිති අභ්‍යවකාශ සීමාව රාජපක්ෂලා...

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...

හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක් සඳහන් කළේ නැහැ – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් සිදුකිරීම නරක හීනයක් දැක...

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...