ජීප් රථයක් බුජ්ගොමුව ඔයට වැටීමෙන් අනතුරක්,දෙදෙනෙක් මරුට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් අද (23) අළුයම් කාලයේදී බුජ්ගොමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදු වූ බව පොලීසිය පවසයි.

ඔයට වැටී තිබූ ජීප් රථය දොඹකරයක් ආධාරයෙන් ගොඩට ගෙන ඇති අතර, රථය තුල සිරවී සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් සිට ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී ඇති අතර, මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පැවසේ.

දැනට සිදුකරනු ලැබූ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ, මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවයි .මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...