විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පණය කිරීමට නියමිතයි!

Date:

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පණය කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ.

මෙම අධිකරණ තීන්දුව ලබා දී තිබෙන්නේ එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

ඒ අනුව ජූලියන් අසාන්ජ් මහතා එක්සත් ජනපදයට උදර්පණය කිරීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන හා ඉරාක යුද්ධවලට අදාළ රහස්‍ය ලේඛන සිය දහස් ගණනින් පිටතට නිකුත් කිරීමට අදාළව විකිලීක්ස් වෙබ්අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් මහතා එක්සත් ජනපදය විසින් සොයමින් සිටින පුද්ගලයෙකි.

එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන කුමන්ත්‍රණකරුවකු බවට ජූලියන් අසාන්ජ් මහතා ට චෝදනා එල්ල වී තිබේ.

බොහෝ කලක් ජූලියන් අසාන්ජ් මහතා රඳවා තබාගෙන සිටියේ එක්සත් රාජධානියේ වන අතර, ඔහු යළි එක්සත් ජනපදයට උදර්පණය කරන්නේද නැති ද යන විවාදය කලක පටන් ම පැවතිනි.

විත්තියේ නීතිඥයන්ට තවමත් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. කෙසේවෙතත්, ඔහුගේ උදර්පණය අනුමත වන්නට නම්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් විසින් මෙම අධිකරණය නියෝගය අනුමත කිරීමට අවශ්‍ය වනු ඇත.

මේ අතර, ජූලියන් ආසන්ජ් ට සහාය පළකරමින් විරෝධතාකරුවන් අධිකරණ පරිශ්‍රය තුළ රැස්ව සිටින අන්දම ද දක්නට ලැබේ.

ජූලියන් අසාන්ජ් මහතා තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.

අසාන්ජ් ඉකුත් මස තම පෙම්වතිය වූ ස්ටෙලා මොරිස් සමඟ විවාහ වූයේ ද සිරගතවී සිටියදී ම ය. ඔහු 2012 වර්ෂයේදී ලිංගික අපයෝජන චෝදනාවකට අදාළව ස්වීඩනයට උදර්පණය කිරීමට නියමිතව තිබිය දී ඉන් මිදී ගොස් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටියේය. ඉන් ද පිටතට ඇද දැමූ අසාන්ජ් වසර තුනක කාලයක් තිස්සේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා තබා තිබිණි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස...

නාමල්, සාගල, ශවේන්ද්‍ර ඇතුළු හිටපු ප්‍රබලයින් 28 කගේ වත්කම් ගැන විමර්ශනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින්...

මැදපෙරදිග යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඉරාන - ඊශ්‍රායල යුද්ධය තුළ බරපතල...

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...