*
Monday, September 23, 2024
spot_img

Latest Posts

කොළඹ ක්‍රමයේ විද්වත්හු කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සංචාරයක නිරත වෙති

නව කොළඹ ක්‍රමය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට නියමිත කොළඹ ක්‍රමයේ විද්වතුන් පිරිසක් පිළිගැනීමේ උත්සවයක්, 2022 අප්‍රේල් 14 වැනි දින කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.

නව කොළඹ ක්‍රමය වැඩසටහන මඟින් වාර්ෂිකව උපාධි අපේක්ෂකයින් 10,000ක් පමණ පිරිසකට ආසියා සහ පැසිෆික් කලාපයේ රටවල් 40 ක සීමාවාසික පුහුණුව හැදෑරීමට අවස්ථාව ලබා දෙයි.
රැස්ව සිටි පිරිස ඇමතූ වැඩ බලන මහ කොමසාරිස් චමරි රොද්‍රිගෝ මැතිණිය , අධ්‍යයන පාඨමාලා සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් කොළඹ ක්‍රමයේ විද්වතුන්ට ස්තුතිය පුද කළා ය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කළ එතුමිය, නිදහස හිමි කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සමීප සබඳතා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කොළඹ ක්‍රමය පිහිටුවීමට මූලිකත්වය ගත් බවත් සඳහන් කළාය. 1951 වසරේ දී ශ්‍රී ලංකාවේ එවකට කටයුතු කළ මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය ශ්‍රීමත් පර්සි ස්පෙන්ඩර් මැතිතුමා ආර්ථික ප්‍රවර්ධන සඳහා කලාපීය සංවිධානයක් යෝජනා කිරීමට මූලිකත්වය ගත්හ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නියමිත ඩීකින් විශ්වවිද්‍යාලයේ ජෝෂුවා ගලී, මෙය සිය පළමු ශ්‍රී ලංකා සංචාරය බවත්, කුඩා නමුත් විවිධත්වයෙන් යුත් දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මහත් ආශාවෙන් පසුවන බවත් සඳහන් කළේ ය. ” ශ්‍රී ලංකාව සතු ස්වාභාවික සම්පත්වලට අමතරව, එය සතුව සියවස් 25 ක පමණ පටන් පැවති අඛණ්ඩ ශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් තිබෙන බව පෙන්වීම සඳහා සාක්ෂි පවතින බව” ඔහු වැඩිදුරටත් පැවසී ය. යාපනයේ වෙසෙන දෙමාපියන් සිටින හරීන් සෝමසුන්දරම් මෙනවිය, ශ්‍රී ලංකාව හා සබැඳි සිය සුන්දර අත්දැකීම් මෙහිදී බෙදාගත් අතර, විශේෂයෙන්ම සිංහල හා දමිළ අලුත් අවුරුදු දිනයේ දී මහ කොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයට සහභාගී වීමට ලැබීම තමාට ගෞරවයක් බව පැවසුවා ය.

ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක්, රටේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වීඩියෝ පටයක් මෙම වැඩසටහනේ දී ඉදිරිපත් කෙරුණු අතර, උදා වූ නව වසර සැමරීම ඇතුළුව අලුත් අවුරුදු ආහාර වේලක් ද ඊට ඇතුළත් විය. මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් පිළියෙළ කරන ලද සාම්ප්‍රදායික අලුත් අවුරුදු ආහාර සහ රසකැවිලි සහභාගිවන්නන්ට පිළිගන්වන ලදි.

අධ්‍යාපනික වැඩසටහන් හරහා සමාජ, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමට කොළඹ ක්‍රමය වසර 70 ක් මුළුල්ලේ එහි සාමාජික රටවලට සිය සහය ලබා දෙයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා


2022 අප්‍රේල් 20  වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan