මෙන්ඩිස් හැර අනෙකුත් මත්පැන් නිෂ්පාදන සමාගම් හිඟ සුරාබදු ගෙවා අවසන්

සටහන – රුවන් නෙළුගොල්ල

W. M. මෙන්ඩිස් සමාගම හැර හිඟ සුරාබදු මුදල් ගෙවීමට තිබුණු අනෙකුත් මත්පැන් නිෂ්පාදන සමාගම් එම මුදල් ගෙවා අවසන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එසේ හිඟ සුරාබදු ගෙවීමට තිබුණු ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස්, රෝයල් ඩිස්ටිලරීස් සහ සිනර්ජි ඩිස්ටිලරීස් යන සමාගම් නොවැම්බර් 29 වනදා වනවිට අදාළ මුදල් ගෙවා අවසන් කර ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබුණේ නොවැම්බර් 30 වනදා වනවිට හිඟ සුරාබදු නොගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවට ය.

කෙසේවෙතත් මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණය හමුවේ නීතිමය කටයුත්තක් පවතින බැවින් ඒ පිළිබඳ අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...