මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජපන් රජයේ සහය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

ජපන් ණය ආධාර යටතේ, රෝහල් 05ක හෘද කැතීටකරණ ඒකක 05 කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ, වසරක් තුළ එම ඒකක ස්ථාපිත කිරිම් අවසන් කරන බවයි.

මීට අමතරව අනුරාධපුර, කුරුණෑගල සහ මහනුවර රෝහල්වල දැනට පවතින එම ඒකක වැඩිදියුණු කිරිමට අපේක්ෂා කරන බවත්, බදුල්ල සහ ත්‍රිකුණාමලය රෝහල්වල අලුතින් එම ඒකක ඉදිකිරිමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

එම ඒකක ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සහ අනෙකුත් පහසුකම් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා බවත්, හෘද රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ලැයිස්තුගතව සිටින රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කරගැනීම සඳහා නව ඒකක ස්ථාපනයෙන් පසු අවස්ථාව හිමිවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. 


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...