සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ලෙබනනයට යළිත් ප්‍රහාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර්03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සටන් විරාමය අතරතුර වීම විශේෂත්වයකි.

ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ලෙබනනයේ දරුණු ගැටුම් හට ගෙන තිබෙන අතර, දකුණු ලෙබනනයේ පැවති ගැටුම් අතරතුර 11 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි,

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ පලස්තීනුවන්ට බලහත්කාරයෙන් ඉවත් වන ලෙසට  නියෝග ද නිකුත් කර තිබෙන අතර, ඒ මධ්‍යම හා උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 9 දෙනෙකු මිය යාමත් සමගයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 44466 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, එමෙන්ම ලෙබනනයේ මිය ගිය සංඛ්‍යාව 3961ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...