හිරුණිකාට අද ලැබුණු නිදහස!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළේය.

ඒ ,අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සමක විභාගයි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව බව වාර්තා වේ.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...