හිරුණිකාට අද ලැබුණු නිදහස!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළේය.

ඒ ,අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සමක විභාගයි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව බව වාර්තා වේ.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...