519 න් 190 ට එමින් අප්‍රිකාව හෙල්ලූ බැඩ්මින්ටන් ජෝඩුවට පරිපාලනයෙන් හරසර

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 04,(LNW) කොළඹ :

සැම්බියා, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරමින් පැවැති ජාත්‍යන්තර
බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයේදී අධිෂ්ඨානශීලීව තරග වදිමින් තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි කාන්තා යුගල අභිබවා යමින් සති තුනක කාලය තුළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදරියට පැමිණ තිබෙන ආකාරය නැඟී එන සියලුම ක්‍රීඩකයන්ට ආදර්ශයකි.සූරතාවයක් සහ අනු සූරතා දෙකකින් රන් ජයග්‍රහණයක් සහ රිදී ජයග්‍රහණ දෙකක් ලබා ගත් හසිනි – හසාරා අප්‍රිකානු සංචාරයේ පළමු තරගාවලියට මුහුණ දෙන මොහොත වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල 519 වන තැන සිටි සිටියත්,දෙසැම්බර් 3 වන දා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 190 දක්වා ඉදරියට එන්නට හැකි වී ඇත.
ඒ ආකාරයට කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම කාන්තා බැඩ්මින්ටන් යුගලයක් වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න නැවත අතරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් මව්බිමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී ලේකම් අජිත් විජයසිංහ සහ උපලේකම්
ලක්ෂ්මි පුංචිහේවා මහත්ම මහත්මීන්ගේ උණුසුම් පිළිගැනීම අතරට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් පිළිගැනීමට ක්‍රීඩාලෝලීහු ද එක්ව සිටියහ.

අනතුරුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයට පැමිණි හසිනි සහ හසාරා එහිදී
සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් විසින්
උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඉනික්බිති ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් පෙන්නුම් කරනු ලැබූ කැපවීම අගය කරමින් එම ජයග්‍රහණ පිළිබඳ සහ අනාගත බලාපොරොත්තු
පිළිබඳ සුහද කතාබහක ද නිරත විය.


දකුණු අප්‍රිකානු කලාපයේ වෙහෙසකාරී සහ දීර්ඝ සංචාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබූ උණුසුම් පිළිගැනීම සහ ඇගැයුම් පිළිබඳ ඔවුහු සිය කෘතවේදීත්වය පළ කළහ. හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න ලැබූ ජයග්‍රහණ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් මෙන්ම එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ සිය ස්ථානය ශක්තිමත්ව තහවුරු කරගැනීමට මනා පිටුවහලක් ද සපයනු ඇත.


එසේම මෑත කාලයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දක්ෂතා දක්වන පිරිස සඳහා විදේශ තරගාවලි වෙනුවෙන් සශභාගි වීමට අවසර ලබා දීමට නොපැකිළිව කටයුතු කරන බැවින්,ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන අතර,එමෙන්ම ඒ හරහා දේශිය ක්‍රීඩා පිටියේ බැඩිමින්ටන් ක්‍රිඩාවේ ප්‍රමිතියද ගුණාත්මකව ඉහළ යමින් ඇත.ඒ තරගකාරී තත්ත්වයේ ගුණාංග දැක බලා ගැනීමට මේ මොහොතේ ක්‍රියාත්මක ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය හොඳ නිදසුනක් වනු ඇති අතර හසිනි සහ හසාරා ද එම තරගාවලියේදී සිය දකුණු අප්‍රිකානු අත්දැකිම් මුදා හැරිමට නියමිතය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?