අතුරු සම්මත ගිණුම අද දෙවන දිනටත් විවාදයට!

කොළඹ LNW:ලබන වසරේ පළමු මාස හතර සඳහා ඊයේ (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600කි.

2025 වසරේ මුල් මාස 04 සඳහා පුනරාවර්තන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක්ද, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 425 ක්ද වෙන් කර ඇත.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කර තිබේ.

ආණ්ඩුවේ ආදායම ඇස්තමේන්තු කර ඇත්තේ රු. බිලියන 1600කටය.

ඒ අනුව අද පස්වරුවේ මෙය සම්මත කරගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...