රට ගිනි තියෙන්නේ කවුද ?

Date:


ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කොට මහජනයා තව තවත් කුපිත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යැයි ආරංචියක් පැතිර ගොස් තිබේ. එය සත්‍යයක් විය හැකිය. ඉන්ධන පිරවුම්හල්වලට පහරදීම්, තෙල් බවුසර්වල ගමනාගමනයට බාධා කිරීම් ගණනාවක් වාර්තා වී ඇත. මේ අතර ඉන්ධන එක්රැස් කොට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ගැන ද තොරතුරු හෙළිවී ඇත.

රඹුක්කන සිද්ධිය ඉහත ක්‍රියාදාමයේ එක් ජවනිකාවක් යැයි පිළිගත හැකිය. විරෝධතා අතරට කුමන්ත්‍රණකරුවන් කඩා වැදී කඩාකප්පල්කාරී ක්‍රියා ඇති කරන්නේ යැයි විශ්වාස කළ හැකිය. මෙයින් සාමකාමී උද්ඝෝෂණවලට ද අයුක්තියක් සිදු වෙයි. විරෝධතා නරක නැත. ජනතාවගේ දුක වේදනාව හා කෝපය වුව පිටකර ගත යුතුය. ඒ සාධාරණ විලාසයකටය. ගිනි තැබීම් හා පහරදීම්වලින් සිදුවන්නේ අපේ අර්බුදයේ දිග පළල තවත් වැඩිවීම පමණි.

පවත්නා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා රජය බලවත් පරිශ්‍රමයක යෙදී සිටී. මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතර ඒවා සුබවාදී බව වාර්තා වී ඇත. මුදල් අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ අයි. එම්. එෆ්. නිලධාරීන්ගේ පැසසුමට ලක්වී ඇති අතර, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට එම ආයතනය එකඟ වී ඇත. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත. මේ අතර ඉන්දීය රජය අපට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වී ඇත.

චීනය ඩොලර් බිලියන 2.5ක මූල්‍යාධාරයක් ලබා දෙන බව කියා ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමේ මාර්ගය සෙමෙන් ඇති වන බව පෙනෙයි. මෙබඳු සුබවාදී පරිසරයක් තුළ රට ගිනි ගතහොත් එය බලවත් ඛේදවාචකයක් වනු ඇත.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...