වසර 16ක් පුරා ලක්ෂ 06කට ජීවය දුන් මහනුවර ජාතික රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයට ගෞරවන්තවිත සුමුදීමක්!

Date:

කොළඹ LNW:වසර 16ක කාලයක් පුරා ලක්ෂ 06කට අධික රෝගීන් ප්‍රමාණයකට සෙත සැලසූ මහනුවර ජාතික රෝහලේ සී.ටී. ස්කෑනර් යන්ත්‍රය ගෞරවාන්විතව සේවයෙන් සමු ගැන්වීම රෝහල් පරිශ්‍රයේදී ඊයේ (06) සිදුවිය.

මහනුවර ජාතික රෝහල මෙන්ම අවට රෝහල් රැසක රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් මෙම යන්ත්‍රයෙන් සේවය ලබා ගැනීම සිදුවූ අතර වර්ෂ 2019දී මහනුවර ජාතික රෝහලට නවීන ස්කෑන් යන්ත්‍රයක් හිමිවීමත් සමඟ රෝහලේ පැවැති තදබදය යම් අඩුවකට ලක්විය.

එමෙන්ම නව රජය යටතේ ලබන වර්ෂයේදී මහනුවර ජාතික රෝහල සඳහා නවීන තාක්ෂණයෙන් යුක්ත සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ලැබීමට නියමිත බැවින් දිගු කාලයක් සේවය ලබා ගත් පැරණි ස්කෑනර් යන්ත්‍රය සේවයෙන් ඉවත් කරන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මහනුවර ජාතික රෝහල සඳහා නව යන්ත්‍රයක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වී ඇති බවත් සේවයෙන් ඉවත් කරන යන්ත්‍රයේ ක්‍රියාත්මක කළ හැකි උපාංග වෙනත් රෝහල් සඳහා ලබා දුන් බවත් රෝහල් අධ්‍යක්ෂවරිය කීවාය.

මෙම යන්ත්‍රය යකඩ ගොඩක් බදු වුවත් මනුෂ්‍ය ජීවිතය සුවපත් කර ගැනීම සඳහා උපකාරී වූ එය ගෞරවාන්විතව සේවයෙන් ඉවත් කිරීම මනුෂ්‍ය ගුණාංගයක් වන බැවින් මෙම වැඩසටහන සංවිධාන කළ බව මහනුවර ජාතික රෝහලේ විකිරණ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රුද්‍රිගෝ මහතා සඳහන් කළේය.

වෛද්‍ය ගංගානාත් රුදිගෝ මහතාගේ මැදිහත්වීම මත සංවිධාන වූ මෙම අවස්ථාව සඳහා එවකට විකිරණ අංශයේ සේවය කොට විශ්‍රාම ලැබූ කාර්යය මණ්ඩලය ද රෝහල් වෛද්‍යවරු හා විකිරණ අංශයේ වත්මන් කාර්යය මණ්ඩලය ද සහභිගීවී සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...