මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා – නිව් රත්න සහල් අධිපති

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවාගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසා සිටියේ, මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්.” යනුවෙනි .

ලංකේෂ්වර මිත්‍රපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ ,

“මම වෙළෙඳ ඇමතිතුමාට කියන්නේ.. ඕන වෙලාවක මගේ ආයතනය පරීක්ෂා කරන්න. මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්.අපිගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපොළට දාන්නේ නැහැ. මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ. එතකොට ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා සහල් නිෂ්පාදනය කර කර වෙළෙඳපොළට යවනවා. පෙබරවාරි 01 වෙනකම් මගේ තියෙන වී ටික පරිස්සම් කරගෙන වෙළෙඳපොළට හාල් යවන්න ඕනේ.”  ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...