මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා – නිව් රත්න සහල් අධිපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවාගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසා සිටියේ, මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්.” යනුවෙනි .

ලංකේෂ්වර මිත්‍රපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ ,

“මම වෙළෙඳ ඇමතිතුමාට කියන්නේ.. ඕන වෙලාවක මගේ ආයතනය පරීක්ෂා කරන්න. මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්.අපිගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපොළට දාන්නේ නැහැ. මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ. එතකොට ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා සහල් නිෂ්පාදනය කර කර වෙළෙඳපොළට යවනවා. පෙබරවාරි 01 වෙනකම් මගේ තියෙන වී ටික පරිස්සම් කරගෙන වෙළෙඳපොළට හාල් යවන්න ඕනේ.”  ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...