‘මම සාමයේ දුතයෙක්, සිරියාවේ යුද්ධය සම්බන්ධයෙන් අපට කිසිවක් කළ නොහැක’ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය සිරියාවේ දිගුකාලීන සිවිල් යුද්ධයට සම්බන්ධ වීම නවත්වන බවට ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, සිරියාව අවුල් ජාලයක් බවත්, ඔවුන් සිය මිතුරන් නොවන බවත්, එය අපේ සටනක් නොවන බවත්, එක්සත් ජනපදයට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නොමැති බවත්, මේ සඳහා සම්බන්ධ විය නොහැකි බවත්, තමා සාමය සඳහා අපේක්ෂකයකු වන බවත් යුද්ධ වැලැක්වීම සඳහා පැමිණ සිටින බවත්ය.

මේවන විට සිරියාවේ කලරිකාර හමුදාවන් ජනාධිපති අල්-අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන කණ්ඩායම් හතරක් සිරියාවේ භූමිය අල්ලාගෙන සිටිති.

හයාත් ටරිර් අල්-ෂාම් (HTS) කණ්ඩායමේ නායකත්වයෙන් මේ වන විට සිරියානු හමුදාව යටතේ පාලනය වන ඇලෙප්පෝ, හමා සහ ඩෙරා ඇතුළු රජය සතු නගර මාලාවක් අල්ලාගෙන ඇති අතර හෝම්ස් වැනි අනෙකුත් ප්‍රදේශ වටලා තිබේ. මේ හේතුවෙන් ජනාධිපති අල්-අසාද් ගුවන් යානයකින් පලාගොස් ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී දැනට සිරියාවේ සිටින එක්සත් ජනපද හමුදා සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති අතර ඔමාර් ඔයිල් ෆීල්ඩ් සහ අල්-ෂඩාඩි වැනි ස්ථානවල කඳවුරු පුරා විසිරී සිටින සේවා සාමාජිකයින් 1,000 කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින බවට ගණන් බලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...