සඟවා ගෙන සිටින සහල් තොග සොයා විමර්ශන ඇරඹේ!

Date:

කොළඹ LNW:සහල් තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ඊයේ (08) සිටම ආරම්භ කෙරුණ අතර එම සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ.

ජනාධිපතිවරයාගේ එම නියෝගය අනුව අද සිට දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරනු ලැබේ.
මෙම ක්‍රියාවලියට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලිය, නිව්රත්න, නිපුන, ලක් සහල්, මේනක, හිරු, ජයවික්‍රම සහ වීහේන යන ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 8 පරික්ෂාවට ලක්කිරීමට නියමිත බව සඳහන්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 5ක් අධීක්ෂණය කිරීමට නියමිත අතර ඉරේෂා, ලයනල්, WHG, නවෝද්‍යා සහ සනූජා සහල් නිෂ්පාදන ආයතන ඒ අතර වෙයි.

පාරිභෝගික අධිකාරිය විසින් ගෙන යන විමර්ශනය යටතේ වී තොග මිලදී ගැනීම, දෛනික නිෂ්පාදනය, සහල් තොග නිකුත් කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට නියමිතයි.

උපරිම සිල්ලර මිලකට යටත්ව ඊයේ සිට සහල් නිකුත් කිරීමට පසුගිය 07වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මහ සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණි අතර ඒ අනුව නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 230 කි.
සුදු කැකුළු කිලෝ ග්‍රෑමයක් රු.220 කට අලෙවි කළ යුතු වන අතර ආනයනික නාඩු කිලෝවක මිල, රුපියල් 220 ක් ලෙස නියම වී ඇත.

සම්බා කිලෝවක් සඳහා උපරිම මිල ලෙස රු.240ක් දක්වා තිබේ. කීරි සම්බා කිලෝවක මිල, රුපියල් 260කි.

මෙම දක්වා ඇති මිල ගණන් වලට වඩා වැඩියෙන් සහල අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනධිපතිවරයා උපදෙස් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...