ජයසූරිය ගිය පාරේම මහාරාජ් යයි – ශ්‍රී ලංකාවට ලකුණු 109 ක පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

දකුනු අප්‍රිකාව සමඟ Gqeberha හී පැවති දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය සම්බන්ධයෙන් අප කළ විග්‍රහයට අනුවම කේශව මහාරාජ් සිය දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා පසු පෙළට හානි කරමින් ලකුණු 76 ට කඩුලු 5 ක් ලබා ගනු ලැබුවා.දකුණු අප්‍රිකා දෙවන ඉණිමේ දී ප්‍රභාත් ජයසූරිය ඉදිරියේ අසරණ වූ ලෙසම කේෂව මහාරාජ් පාලනය කර ගැනීමට හැකි වුවහොත් තරගය ජය ගැනීමේ ඉඩක්ද පවතින බව කියමින් අප තැබූ සටහනේ තරගය විවෘත එකක් බව සඳහන් කළා.


අදාළ ලියවිල්ල → https://sinhala.lankanewsweb.net/12/09/144459/
පස්වන දිනයේ දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට ලකුණු 33 ක් තුළ කඩුලු පහක්ම හිමි වුණා.ඉන් තුනකම හිමිකාරයා වුණේ මහාරාජ් වන අතර මේ තණතීරුවේ දකුණු අප්‍රිකා ඉණිමට වැඩිම බලපෑම එල්ල කළේ ද වේග පන්දු යවන්නන් නොව ප්‍රභාත් ජයසූරිය බැවින්,මේ තත්ත්වයට මුහුණ දීම සඳහා සැළසුමක් ක්‍රියාත්මක කරන්නට තිබුණා.කෙසේ වුව ත් මහාරාජ් ප්‍රභාත්ගේ හැකියාවට ද තණතීරුවෙන් සහයක් ලැබුණ බවට සහතික තබමින් මෙම කඩුලු 5 දවා ගත්තා.
තරගාවලිය පුරාම සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.විශේෂයෙන් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තරගාවලියේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.තරගාවලිය 2-0 ක ජයග්‍රහණයක් බවට පත් කරමින් දකුණු අප්‍රිකාවේ දෙවන ජය සහතික කරමින් ඉණිම දෙකේදී ලකුණු 104 කඩුලු 7 ක් දවා ගත් ඩේන් පීටර්සන් දෙවන තරගයේ වීරයා විය.


ශ්‍රී ලංකාවේ පරාජය 109 ක් දක්වා පටු කරන්නට ලකුණු 97 ක කඩුලු සබඳතාවයක් ඇති කළ ධනංජය ද සිල්වා සහ කුසල් මෙණ්ඩිස් සමත් විය.දෙවන ඉණිමේ දී ශ්‍රී ලංකාවට පස්වන කඩුල්ල අහිමි වන්නේ ලකුණු පූවරුව ලකුණු 122 ක් ව තිබියදී ය.එතැන් සිට ධනංජය සහ කුසල් දැක් වූ දක්ෂතාවයෙන් ලකුණු පූවරුව 219 ක් ව පවතිද්දී හයවන කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි වන්නේය.කුසල් සහ ධනංජය එසේ නොකරන්නට පරාජය මීට වඩා විශාල වන්න ඉඩ තිබුණා මෙන්ම තරගය දින පහතට දුර නොගොස් හතර වැනි දිනයේම නිමා වන්නට ද වැඩි ඉඩක් තිබිණ.
තරගයේ සමස්ත ලකුණු පූවරුවට → https://es.pn/4fZABBh

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...