හයිටියේ පුද්ගලයන් 110 දෙනෙකු සමූල ඝාතනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හයිටියේ වෝෆ් ජෙරමි කල්ලි නායක මොනෙල් මිකානෝ ෆීලික්ස් තම දරුවා රෝගාතුර වීම හේතුවෙන් පෝට් ඕ ප්‍රින්ස් හි පැතිරුණු මුඩුක්කුවක් වන සයිට් සොලෙයිල් හි පුද්ගලයන් 110 දෙනෙකු සමූල ඝතනය කිරීමට අණ කර ඇති බව වාර්තා වේ.

සයිට් සොලෙයිල් හි වයෝවෘද්ධ පුද්ගලයින් මායා කර්මයක් මගින් තම දරුවට රෝගයක් ඇති කළ බවට සැක කර ෆීලික්ස් මෙම සමූල ඝතනය් කිරීමට නියෝග කළ බවයි ජාතික මානව හිමිකම් ආරක්ෂක ජාලය (RNDDH) සඳහන් කර තිබුණේ,

වින්දිතයන් සියලු දෙනාම වයස අවුරුදු 60 ට වැඩි වූ අතර මේ වසරේ මේ දක්වා හයිටියේ පුද්ගලයින් 5,000 ක් පමණ ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් සඳහන් කර තිබේ.

දේශපාලන ආරවුල්වලින් සුන් වූ ආන්ඩුව, අගනුවර හා ඒ අවට සන්නද්ධ කල්ලිවල වර්ධනය වන බලය පාලනය කිරීමට හයිටි බලධාරීන් 2022 දී ප්‍රාදේශීය පොලිසිය සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සහාය ඉල්ලා ඇති නමුත් චීනයේ හා රුසියාවේ බලපෑම හේතුවෙන් එය අතරමඟ ඇණහිට තිබේ.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට (IOM) අනුව හයිටියේ බලවත්වන කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුගිය සති දෙක තුළ පමණක් ඇස්තමේන්තුගත පුද්ගලයන් 41,000 කට තම නිවෙස්වලින් පලා ගොස් ඇති අතර සමස්තයක් වශයෙන්, ගැටුම් හේතුවෙන් හයිටියේ 700,000 කට වැඩි පිරිසක් අවතැන්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...