පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය දීර්ඝ කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

ණය පැහැර හරින ලද ව්‍යාපාරිකයින්ගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම “පරාටේ නීතිය” ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025.03.31 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා සිටින දුෂ්කරතාවන් සලකා බලා මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කිරීම 2024.12.15 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

දේපළ වෙන්දේසි කිරීමට ඉඩදීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම මගින් දෙපාර්ශ්වයටම සාධාරණය ඉෂ්ට කිරීම සුදුසු බව රජය නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව 2025.03.31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...