අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 71 පොලිස් භාරයේදී 67ක් වුණේ කොහොමද ? – CID පරීක්ෂණ අරඹයි !

Date:

මාතර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 71ක තොගයක් පොලිස් භාරයේ තිබියදී කිලෝ 67ක් දක්වා අඩුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) දැනුම් දී විමර්ශනයක් ආරම්භ කර තිබුණ ද එය බොහෝ මන්දගාමී ආකාරයෙන් සිදුවීම හේතුවෙන් මෙසේ අදාළ විමර්ශනය CID ය මගින් සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ CID නිලධාරීන්ට මේ වනවිට අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ලේඛන සම්බන්ධ සටහන් පසුව වෙනස් කර ඇති බවකි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 90ක් පමණ වන අතර මේ සිද්ධියේදී රුපියල් ලක්ෂ 360ක පමණ හෙරොයින් ප්‍රමාණයක් කිසිවකු විසින් ජාවාරම් කර ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...