සිලින්ඩරය පුපුරලාම යයි. එජාපයයි පොහොටු කණ්ඩායමයි දෙකම ඉවරයි!

Date:

කොළඹ LNW:නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය වෙත පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් නම් කිරීම ප්‍රමාද වෙමින් තිබුණු අතර එයද ඊයේ දිනය වන විට සම්පූර්ණ කරමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන හවුල්කාරී පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවකින් සිදුව ඇති බවටයි එජාපයේ ඉදිරිපෙළ නායකයින් ඊයේ (10) මාධ්‍ය හමුවලදී පැවසුවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොදු එකඟතා උල්ලංඝනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම දේශපාලන සොරකමක් බවයි.

”ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි. එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී. අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කටයුතුකර නැත. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත. එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි. දේශපාලන හොරකමකි. රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ. කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.” යනුවෙන් වජිර අබේවර්ධන මහතා එම පත්කිරීම් වෙනුවෙන් සිය විරෝධය එලෙස නිවේදනයක මඟින් නිකුත් කර ඇත.

මේ අතර ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මියද පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් ෆයිසර් මුස්තාෆා මහතා නම් කිරීම ගැන පූර්ව දැනුවත්භාවයක් නොමැති බවයි.

”ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන තීන්දු තීරණ ගන්නේ පක්ෂයේ නායක මට්ටමින්. අපි දැනුවත් නැහැ. ඒක පක්ෂ නායක මට්ටමින් තීරණ ගන්නේ. අපෙන් අහනවා කට්ටිය. අපෙන් ඇහුවට ඉතින් අපට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොනේ එකතු වෙලා තීරණ ගන්නේ. මන්ත්‍රී ධූර දෙකනේ ඉතින්. ඒ දෙක හොඳම දෙන්නෙක්ගෙන් කරන්න පක්ෂයේ සියලු දෙනාගේම එකඟතාවෙන් කරනවා නම් කරයි.මේ කියනකම් අපි ෆයිසර මුස්තාෆා පත්කිරීම ගැන දන්නේ නැහැ.” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව දැන් සිලින්ඩරය තුළ අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී තිබෙන අතර පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිලින්ඩරයට සහය දුන් කණ්ඩායමට ද කිසිදු සාධාරණයක් ඉටු නොවීම ගැනද දැඩි විවේචචනයක් සිලින්ඩරයේ නායකත්වය දෙසට එල්ල වී තිබෙන බව සඳහන්.

කෙසේවෙතත් පක්ෂය අභ්‍යන්තරයේම බොහෝදෙනා පවසන්නේ දැන් සිලින්ඩරය සහමුලින්ම පුපුරා ගොස් ඇති අතර ඉදිරි කටයුතු සියල්ල සිලින්ඩරයේ අයිතිය ඇති රවී කරුණානායක මහතාට අනුව සිදුවනු ඇති බවයි. ඊට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද බාධාවක් එල්ල නොවනු ඇති බවද සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...