රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු කොරියා ජනාධිපති Yoon Suk Yeol විසින් අවසානය දක්වා සටන් කරන බවට ප්‍රතිඥා දී තිබෙන අතර, යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව ඔහු රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
එය ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම වැළැක්වීමට සහ විපක්ෂ පාර්ලිමේන්තු ආඥා දායකත්වයට එරෙහිව ගත් නීතිමය තීරණයක් බව ද ඔහු පවසන අතර, එරෙහි දෝෂාභියෝගයක් අනිද්දා දිනයේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව වාර්තා වේ. එම ඡන්ද විමසීමට පෙර ඉල්ලා අස්නොවන බවත් අවසානය දක්වා සටන් කරන බවත් ඔහු පවසා සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.