සජබය වත්මන් කථානායක ගැන අද ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

අද (13) දින සමගි ජන බලවේගය , වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට ආචාර්ය උපාධියක් ඇති බව පවසීම සාවද්‍යයැයි පවසා එයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු ආරම්භ කළේය.

සමගි ජන බලවේගය පවසන්නේ, වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද කථානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬව සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම විශ්වාසභංග යෝජනාව සඳහා , අත්සන් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...