නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව කථානායකවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, ස්ථිර කළේ, බිමල් රත්නායක මහතා විසිනි.

ඒ මහතා මූලික අධ්‍යාපනය ගල් අමුණ විද්‍යාලයේ හදාරා පසුව , ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබා ඇත. පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධියද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පරිපාලන උපාධියද ලබා ඇති බව පැවසේ.

එමෙන්ම විෂය ක්ෂේත්‍රයට අයත් දෙස් විදෙස් පාඨමාලා සහ පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති අතර, වෛද්‍යවරයකු , වෛද්‍යපරිපාලන අධ්‍යක්ෂකවරයෙක් ලෙස හා පොළොන්නරුව චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂඥ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් වේ.

තවද, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙසේද කියා සිටියේය.

 “මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.” ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...