විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹේ!

Date:

කොළඹ LNW:විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම අද (17) සිට ආරම්භ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ලබන වසරේ මුල් මාස 06 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙනුයි එලෙස මහජන අදහස් විමසනු ලබන්නේ.

මහජනතාවට සිය අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

අනතුරුව පළාත් 09 යේ වාචික අදහස් දැක්වීමෙන් පසු ලබන වසරේ ජනවාරි 17 වනදා මහජන උපයෝගිතා කොමිසම සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...