රජය විසින් එප්පාවල පොස්පේට් නිධිය ගැන තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත කිරීමට , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස මෙරට පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

එප්පාවල පොස්පේට් නිධිය අක්කර 500ක් පුරා විසිරි පවතී..‍ එම පොස්පේට් නිධිය ඵලදායීව භාවිත කිරීම තුළින් සිංගල් සුපර් පොස්පේට් රටතුළම නිෂ්පාදනයට අවස්ථාව උදාවන අතරම ඒවා ආනයනය මගින් ද ආදායමක් ලබා ගත හැකි බවත්, වාර්ෂිකව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 8ක් පමණ බවත්, අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයෙකු හරහා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවත්, ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවද, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...