වසර තුනක් තිස්සේ කුලී ගෙවමින් බිම තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානා තුනක් යළි පියාසැරියට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය වසර තුනක් තිස්සේ ධාවනයට යොදා නොගෙන බිම්ගත කර තිබුණු මගී ගුවන් යානා තුනක් කඩිනමින් යළි පියාසර ඇණියට එකතු කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

බදු කුලී පදනම මත ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබාගෙන ඇති මෙම මගී ගුවන් යානා තුන කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර ඇති අතර පසුගිය වසර තුනක් තිස්සේම ඒවා අලුත්වැඩියා කර යළි ධාවනයට එක්කිරීමට පියවර ගෙන නොමැත.

එසේ භාවිතයට නොගත්ත ද එම ගුවන් යානයක් සඳහා මසකට ඇමරිකානු ඩොලර් 300,000 (රුපියල් මිලියන 90ක්) බැගින් බදු කුලී ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවී තිබේ. ඒ අනුව බිම්ගත කර තිබුණු මෙම ගුවන් යානා තුනෙන් මාසයකට රුපියල් මිලියන 270 බැගින් පාඩු සිදුව ඇති අතර වසර තුනකට සලකා බැලීමේදී එම පාඩුව රුපියල් මිලියන 9,720ක් පමණ වේ.

එවන් තත්වයක් යටතේ නව රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවී ඇති අතර වහාම අවශ්‍ය අමතර කොටස් ගෙන්වාගෙන එම ගුවන් යානා කඩිනමින් අලුත්වැඩියා කරවීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඒ අනුව මේ දෙසැම්බර් මාසයේදී එක් ගුවන් යානයකුත් 2025 පෙබරවාරි මාසයේදී තවත් ගුවන් යානයකුත් 2025 අප්‍රේල් මාසය වෙද්දී තවත් ගුවන් යානයකුත් වශයෙන් ගුවන් යානා තුන පියාසැරියට එක්කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය සමයේදී නිතර අසන්නට ලැබුණු ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාද වීමේ සහ අවලංගු වීමේ සිදුවීම් ද මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ තුරන්ව ඇති අතර නිවැරදි කළමනාකාරීත්වයක් යටතේ ජාතික ගුවන් සේවය කෙමෙන් කෙමෙන් ගැටලු විසඳාගනිමින් ඉදිරියට යන ආකාරයක් පෙන්නුම් කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...