චීන තානාපති කාර්‍යාලය නැගෙනහිර පළාත ගැන ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ (LNW):

මෙරට චීන තානාපති කාර්යාලය විසින්, අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට තීරණය කර ඇති අතර, එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බව, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, නැ‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කරන බවය. තවද, නැගෙනහිර පළාතේ සිදුවිය හැකි ආපදා අවම කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාරවරයා සඳහන් කළ අතර, ජලය අක්‍රමවත්ව බැස නොයාම හේතුවෙන් දින ගණනාවක් ජලයෙන් යටව පැවති ප්‍රදේශ පිළිබඳ මේ වනවිට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත බවයි.
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”