*
Thursday, December 19, 2024
spot_img

Latest Posts

ලංකාවෙ කෙල්ලන්ගෙ ඉලක්කය…

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 19 ,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අද දින සිට තරග බිමට පිවිසෙනවා.ඒ ඉන්දියාව,ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ නේපාලයයි.මේ කණ්ඩායම් හතර අතර ශ්‍රී ලංකාව හැරෙන්න අනෙක් කණ්ඩායම් තුනම තවමත් අපරාජිතව සිටිනවා.ශ්‍රී ලංකාව පමණක් බංගලාදේශය හමුවේ පරාජයට පත් වුණා.


ශ්‍රී ලංකාවේ පරාජයට තදින්ම බලපෑවේ අඩු ලකුණු ගණනකට දැවී යාම ලෙස අර්ථකතනය දිය හැකි වුව ද,ශ්‍රී ලංකාවට එතරම් ලකුණු ප්‍රමාණයක් හඹා යාමට සිදුවීමට පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ දුර්වලතා බලපෑවා.වීශේෂයෙන් වයිඩ් පන්දු 11 ක් යැවීම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් සිඳු කළත්,බංගලාදේශය තමන්ගේ ලකුණු පූවරුව රැක ගැනීමේ සටනේදී කෙතරම් සැළකිලිමත් වූවේ ද යන්න හොඳම උදාහරණය එක වයිඩ් පන්දුවක් පමණක් සටහන්ව තිබීමයි.


බංගලාදේශය සිය දෙවන තරගය මැලේසියාට එරෙහිව ඉතාම අඩු ලකුණු ගණනකින් ජය ගනිද්දී ද වයිඩ් පන්දු 4 ක් යවා තිබුණා.එයින් අප අවබෝධ කරගත යුතු එක ඇත්තක් වන්නේ ඔවුන් කණ්ඩායමක් හැටියට ප්‍රතිවාදියාගේ ස්වභාවයට අනුව තරගයට දිය යුතු අවධානය ගැන කෙතරම් සැළකිලිමත් වෙනවාද යන්නයි.
අද ශ්‍රී ලංකාව පළමුවරට මුණ ගැසෙන්නේ නේපාල කණ්ඩායමයි.ඔවුන් අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණ තිබෙන්නේ පකිස්තානය පරාජයට පත් කරමින්.බංගලාදේශ තරගයේදී අසාර්ථක වුව ද ශ්‍රී ලංකාව සතුව හොඳ පිතිකරු බල ඇණියක් සිටිනවා.ඔවුන් විස්සයි විස්ස යන සංකල්පයට අදාළව හයේ සහ හතරේ පහර යන උවමනාවට වඩා සෑම පන්දුවකටම ලකුණක් යන සංකල්පයේ ක්‍රියාත්මක වෙනවානම් නිලකුණු පන්දු ප්‍රමාණය අඩුවීම ජයග්‍රාහී සාධකයක් බවට පත් කර ගත හැකියි.


අපහසුවකින් තොරව සීමාවෙන් ඉවතට පන්දුව ඉහළින් එල්ල කළ හැකි මනුදි නානායක්කාර මෙන්ම රශ්මිකා සෙව්වන්දි වැනි ක්‍රීඩිකාවන් මෙන්ම මේ තරගාවලියේදී වගකීමෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් පිත්ත හසුරුවමින් සිටින ලිමිනි තිලකරත්නට ඉදිරි තරගවලදී වැඩි කාර්යභාරයක් පිතිකරුවන් ලෙස පැවරෙනවා.මේ කණ්ඩායම් සංයුතියේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ශෂිනි ගිම්හානි තවමත් තරග වඳිනවා දකින්නට ලැබුණේ නැහැ.එහෙත් අවසන් කණ්ඩායම් හතර අතරේ සටනේදී ඇය කණ්ඩායමට පැමිණිම වැදගත් විය හැකියි.
දැනටමත් මෙම තරගාවලිය දඟ පන්දු යවන්නියන්ගේ අණසකට ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙන බැවින් ශෂිනි කණ්ඩායමේ රැදී සිටීම වැදගත් වෙනවා.එසේ වුවහොත් මනුදි නානායක්කාර සතු පන්දු යැවීමේ හැකියාව ද යොදා ගෙන ශෂිනි කණ්ඩායමේ 11 දෙනා අතර රඳවා ගැනීම පලදායක විය හැකියි.මේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලුම කණ්ඩායම් අභිබවා යා හැකි කණ්ඩායමක් යන්න පැහැදිළියි.ඒ තත්ත්වය තේරුම් ගෙන තමන්ගේ ශක්‍යතාවයන් පිළිබඳව විශ්වාසයෙන් සහ උනන්දුවෙන් උපරිමය ළගා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කල්පනා කළ යුතුයි.අවසාන කණ්ඩායම් හතර අතරේ සියලුම කණ්ඩායම් සමඟ පැවත්වෙන තරග ජය ගැනීමට අවශ්‍යය කායික සහ මානසික විශ්වාසය සමඟ අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානයේ හිමිකරුවන් වීමට සුදුසු කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බව පෙණුමෙන් සහතික කළ හැකි වුවත්,ක්‍රීඩිකාවන් අත එය ක්‍රියාවෙන් තහවුරු කිරීමේ වගකීම තිබෙනවා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan