යාත්‍රා දෙකක් ගැටී මුම්බායි වෙරළට ඔබ්බෙන් අනතුරක් , 13ක් මිය යයි!

0
415

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර, නාවික හමුදා සෙබලෙකු ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි හී වෙරළට ඔබ්බෙන් මේ අනතුර සිදුව ඇති අතර, මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 10 දෙනෙකු ද අනතුරින් මියගිය බව වාර්තා වේ.

මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, නාවික හමුදා යාත්‍රවේ 05 දෙනෙකු සිට ඇති බවත්, යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බවත්,ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.