යාත්‍රා දෙකක් ගැටී මුම්බායි වෙරළට ඔබ්බෙන් අනතුරක් , 13ක් මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර, නාවික හමුදා සෙබලෙකු ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි හී වෙරළට ඔබ්බෙන් මේ අනතුර සිදුව ඇති අතර, මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 10 දෙනෙකු ද අනතුරින් මියගිය බව වාර්තා වේ.

මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, නාවික හමුදා යාත්‍රවේ 05 දෙනෙකු සිට ඇති බවත්, යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බවත්,ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...