වෙඩිතැබීමට අණ දුන්නේ තමන් බව SSP කීර්තිරත්න අධිකරණය හමුවේ පිළිගනී !

Date:

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවය විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීමට අණදුන්නේ තමන් බව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිළිගෙන පිළිගෙන තිබේ.

මෙම වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි දෙදරු පියෙකු මරණයට පත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මූලික පරීක්ෂණයේදී ඊයේ (22) සාක්ෂි දෙමින් SSP කීර්තිරත්න මේ බව ප්‍රකාශ කර ඇත.

විරෝධතා පැවැත්වුණු ස්ථානයේ තිබුණු ඉන්ධන බවුසරයට ගිනිතැබීම සඳහා කිහිපදෙනෙකු ගිනිපෙට්ටි සහ ලයිටර් රැගෙන එනු තමන් දුටු බවත් බවුසරය විනාශ වීම වැළැක්වීම සඳහා විකල්පයක් නොතිබුණු බැවින් විරෝධතාකරුවන්ට දණහිසෙන් පහළට වෙඩි තබන්නැයි තමන් නියෝග කළ බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන බවුසර් දෙකට හා ඉන්ධන පිරවුම්හලට විරෝධතාකරුවන් විසින් ගිනිතැබුවේ නම් විශාල ජීවිත හානියක් හා දේපළ හානියක් සිදුවීමට ඉඩතිබුණු බව පවසා ඇති ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ මොහොතේ තමන්ටත් තම නිලධාරීන්ට මරණ බයක් දැනුණු බවත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තමන් දුන් සියලු නියෝග එම ස්ථානයේ සිටි ජ්‍යේෂ්ඨතම නිලධාරියා වශයෙන් ලබාදුන් නීත්‍යානුකූල නියෝග බවත් ඔහු අධිකරණයට ප්‍රකාශ කළ බව සඳහන්.

කෙසේවෙතත් ඊයේ දිනයේදී පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණු අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ කිසිදු විටෙක විරෝධතා විසුරුවා හැරීම සඳහා ගිනිඅවි භාවිතා නොකරන ලෙස තමන් පොලිසියට තරයේ උපදෙස් ලබාදී තිබුණු බවත් රඹුක්කන වෙඩිතැබීම සිදුකර ඇත්තේ තමන්ගේ එම නියෝගය නොතකා බවත් ය.

මෙම වෙඩි තැබීමට අණ දී ඇත්තේ SSP කීර්තිරත්න විසින් බව සිද්ධියට පසුදාම මුල්වරට අනාවරණය කරන ලද්දේ ලංකා නිව්ස් වෙබ් අප විසිනි.

සබැඳි පුවත් –

http://139.59.240.222/04/20/14253/

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...