නිව්යෝර්ක් සිට ලන්ඩනයට පැයකින් යමු; මහඟු වැඩකට අතගහන්න ලෑස්ති වෙන මස්ක්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නිව්යෝර්ක් නගරය සහ ලන්ඩනය සම්බන්ධ කරමින් අත්ලාන්තික් සාගරය තුළ උමං මාර්ගයක් තැනීම පිළිබඳ නැංවූ අභිලාෂකාමී අදහස නැවත මතු වී ඇති අතර, එලෝන් මස්ක් මෙහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට සැරසෙන බවක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ සමාගම වන ද බෝරින්ග් සමාගමට එය ඩොලර් බිලියන 20 කට ඉදි කළ හැකි බවට එලෝන් මස්ක්ගේ නවතම ප්‍රකාශය මගින් පෙන්වා දීය.

දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කර ඇති මෙම සංකල්පය මඟින් අත්ලාන්තික් සාගරයේ සැතපුම් 3,000 (කිලෝමීටර් 4,800) පුරා විහිදෙන දැවැන්ත උමං මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සහගත අදහසක් ඉදිරිපත් කරයි.

එවැනි ව්‍යාපෘතියකට ඒ සඳහා වන දැවැන්ත පිරිවැය, තාක්ෂණික අභියෝග සහ අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණයන් වැනි ගැටළුකාරී තත්ත්වයන් අභියෝග ලෙස එල්ල විය හැකි අතර, මස්ක්ගේ මෙම නව ප්‍රවේශය මෙම මහත් යටිතල පහසුකම් ව්‍යාපෘතිය කෙරෙහි ගෝලීය උනන්දුව නැවත ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...