විපක්ෂ නායක සජිත්ගේ අධ්‍යාපන සහතික හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

0
419

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ සහතිකපත් සහ අනෙකුත් ලේඛන අද (දෙසැම්බර් 19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ද ලබාදුන් බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කර ඇත්තේ.