LKR භාණ්ඩාගාර බැඳුම්කර 08ක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කෙරේ – මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
326

සටහන – රුවන් නෙළුගොල්ල

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව නව භාණ්ඩාගාර බැඳුම්කර 08ක් මගින් දේශීය බැඳුම්කර විකල්පය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 08ක් බවට පරිවර්තනය කර 2024.12.20 දින පියවන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් මහබැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.