මේ වසරේ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60ක් මිය ගිහින්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

2024 වසරේ මේ දක්වා ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස්, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

2024 වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 ක් වන අතර, ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ගාල්ල දඩල්ල ප්‍රදේශයෙනි. ඒ, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවේ ය. ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබුණි.මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

පොලිසිය සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි.  

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් නරඹන්න.. https://youtu.be/QAOSzQFUoQg අමෙරිකානු...